Facebook Official Fanpage Official Twitter Account Rss Feed

Advertistment

Advertisements

Powered by Blogger.

Featured Post

ගජමුතු අලෙවි කිරීමට ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

තංගල්ල පාලම අසලදී ගජමුතු තුනක් අලෙවි කිරීමට ගිය සැකකරු පුද්ගලයෙකු තංගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරු...

Popular Posts

තංගල්ල පාලම අසලදී ගජමුතු තුනක් අලෙවි කිරීමට ගිය සැකකරු පුද්ගලයෙකු තංගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ක් වන කලංචිය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රඹුක්කව බලා පිටත් වූ දුම්රියට දෙමට ගොඩ ප්‍රදේශයේදී කළුගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයෙන් දුම්රියේ දොරකට සහ වීදුරුවකට හානි වී ඇති බව වාර්තා වේ.

ඒ වන විටත් දුම්රිය තුළ විශාල මගින් සංඛ්‍යාවක් සිටි අතර ඒ කිසිවෙකුට හානියක් සිදු වී නොමැත.

ඒ අතර විශාල ගලක් වීදුරුවක් බිඳගෙන මගියකුගේ දෙපා ඉදිරිපිට නතර වී ඇති අතර මගීන් කීපදෙනකුට විදුරු කටු වැදී ඇති අතර ගල් ප්‍රහාරය එල්ල වුවද දුම්රිය නොනවත්වා ධාවනය කර ඇත.

මේ පිළිබඳව  වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.


 

පසුගිය ජූනි 18 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් අවශ්‍ය බවට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය

.එම දිනයේදීම සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු අමතා ඔහු කිව්වේ, “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු අනුව නම් කාන්තාවන්ට මේ රටේ සමානාත්මතාවයක් ලබාගන්නට බැරි” බවයි.එම තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසාත්’එමගින් බුද්ධාගමට තිබෙන ආරක්ෂාව ඉවත්වන නිසාත් ඒ පිළිගන්නට බැරි බව ඔහු කීවේය.ජනාධිපතිවරයා වශයෙන් ඔහුට අයත් සම්පූර්ණ ගෞරවය ඇතිව මා සඳහන් කරන්නේ,පාර්ලිමේන්තුවේදීත් සිරිකොතේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔහු විසින් ප්‍රකාශ කරන ලද කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එමඟින්  පාර්ලිමේන්තුවත්,ජනතාවත්,නොමග යවා ඇති බවත් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මුක්තියට මුවා වී අධිකරණයට අපහාස කර තිබෙන බවත්ය.

-ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ-


 

ලංකාවේ බොහොමයක් ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ ලිට්රෝ  ගෑස් සමාගම කියන්න බහුතරයක් දෙනා දන්නවා. ආයතනයක් වශයෙන් ලිට්රෝ ගෑස් සමාගම නොයෙකුත් දුෂ්කර කාල වකවානුවක් තුළ ශක්තිමත් වෙමින් අද වන විට ස්ථාවරත්වයක් ගොඩනගාගෙන අවසන්. පසුගිය දවසක ඔවුන් විසින් උපයා ගත් ලාභාංශ මුදලින් රුපියල් බිලියන තුනක මුදලක් රජයේ භාණ්ඩාගාරය වෙත ප්‍රධානය කිරීමත් සිදුවුණා.

වර්තමානයේ ඊශ්‍රායලයේ ගාසා තීරයේ අර්බුදකාරී තත්ත්වය,ලෝක අර්බුදකාරී තත්ත්වයන්,නැව් ගමනා ගමන ගාස්තු ඉහල යාම වැනි සාධක මත එල්.පී ගෑස් කර්මාන්තයට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.ඒ නිසාම ජාත්‍යන්තර වෙළඳපළේ මේ වෙද්දීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වෙන්නේ ඉහළ මිලකට.

නමුත් ලිට්රෝ සමාගම මේ පවතින අධික බදු බර නිසා නැවත වතාවක් ජනතාවට පීඩනයක් නොදීමට ජාත්‍යන්තර වෙළඳපළ තුළ එල් පී ගෑස් මිල කොතරම් ඉහළ ගියත් එකී පාඩුව විඳ දරාගෙන  පෙබරවාරි මසදීත් කිසිදු මිල වෙනස් කිරීමකින් තොරව සමාගමක් වශයෙන් ඉදිරියට යාමට තීරණය කර ඇත.

ඉතින් සුවහසක් පරිභෝජකයන්ට මේ අවස්ථාව සහනදායී අවස්ථාවක්.දුර දක්නා නායකත්වය නිසි කලට වෙලාවට ඇවැසි තීරණ ගැනීම,ලාභ පාඩුව විඳ දරා ගැනීමට හැකි ශක්තිමත් මූල්‍ය පද්ධතියක් ගොඩනගා ගැනීම වැනි සාර්ථකත්වයන් නිසා ලිට්රෝ  සමාගමට අද දින මෙම සහනය ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා.

අවසානයේ ලිට්රෝ  සමාගමේ ගරු සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ කළේ ජනතාව වෙනුවෙන් ආයතනයක් වශයෙන් දැරීමට සිදුවන අලාභය විඳ දරා ගැනීමට ඔවුන් සූදානම් බවයි


දැඩි බදු බර යටතේ සාමාන්‍ය ජීවිතය ගත කරන බහුතරයක් දෙනා අද වෙද්දිත් මූල්‍ය අර්බුද රැසකට මුහුණ දෙමින් ජීවිතය ගත කරනවා කියන දේ අමුතු කතාවක් නෙවෙයි.ඒ වගේම ජනතාවට අත්‍යවශ්‍යම පාරිභෝජන භාණ්ඩයක් ලෙස එල්.පී.ගෑස් මිල වෙනස් වීම් සම්බන්ධයෙනුත්  නොයෙකුත් අවස්ථාවන්වලදී සමාජය තුළ විවිධ කතිකාවන් ගොඩනැගුණා.

ලංකාවේ ප්‍රමුඛතම එල්පී ගෑස් සැපයීමේ මූලිකත්වය දරන ලිට්රෝ සමාගම  දැඩි ආර්ථික අවපාතය හමුවේ විටින් විට ජනතාවට විවිධ සහන ලබාදීම සිදුකළා.ඒ සහනදායී අවස්ථාවන් යටතේ දෛනික ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගත් බහුතරයක් දෙනාට මේ මාසෙත්  ලිට්රෝ සමාගමෙන් සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා.

මේ කාල සීමාව ජාත්‍යන්තර වෙළඳපළේ ගෑස් මිල ඉහල ගිහින් පවතින කාලසීමාවක්.නමුත් එවැනි දුෂ්කර කාල පරිච්ඡේදයක උනත් ආයතනයක් වශයෙන් තමන්ට දරන්නට සිදුවන පාඩුව විඳ දරාගෙන පෙබරවාරි මස තුළදී කිසිදු ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කිරීමක් සිදු නොකිරීමට සමාගම තීරණය කර ඇති බවට ලිට්රෝ  සභාපතිතුමා නිල වශයෙන් ප්‍රකාශ කළා.

මේ ආකාරයෙන් හෝ යම්කිසි සහනයක් ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳව ලිටරෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා හදවතින්ම සතුටු වන බවටත් අවසානයේ ප්‍රකාශ කළා.


 

දැඩි ආර්ථික අවපාත හමුවේ ඉදිරියට යමින් රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම  2023 වර්ෂයේ ලාභය ලාභාංශ විදිහට රජයට ගෙවීමට තීරණය කර තිබෙනවා. රුපියල් බිලියන 1.5 මුදලක් ජාතික රක්ෂණ සංස්ථාව, ලිට්රෝ සමාගමේ මව් සමාගම හරහා  රජයේ භාණ්ඩාගාරය වෙත එකී මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතයි.

මීට කලින් ඔක්තෝබර් මාසයේදීත් බිලියන එක හමාරක මුදලක් ලිට්රෝ  සමාගම රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ගෙවූ අතර,මේ ලෙස අද දින නැවතත් මේ මුදල් ගෙවීම සිදු කරන්නේ ලිට්රෝ  සමාගම ගෙවන දෙවැනි රුපියල් බිලියන එක හමාර ලෙසයි.සමස්තයක් ලෙස ගත් විට 2023 වර්ෂය සඳහා ලිට්රෝ  සමාගම ලාභාංශ ලෙස රජයට රුපියල් බිලියන තුනක මුදලක් ගෙවා ඇති බවට අද දින පැවැත්වූ මාධ්‍ය  සාකච්ඡාවේදී ලිට්රෝ සභාපතිතුමා සඳහන් කලා.

අපමණ අභියෝගතා පැවතියත් එවැනි කාල වකවානුවක් තුළ රජයට ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යාංශයට මුදල් ඇවැසි මොහොතක රුපියල් බිලියන තුනක ලාභයක මුදලක් රාජ්‍ය ආයතනයක් වශයෙන් ගෙවීමට හැකිවීම ඇත්ත වශයෙන්ම ලිට්රෝ  ආයතනය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව සභාපති තුමා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.


>
2024 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය තීරණය ගත් පරිදි වැඩ බදු සංශෝධනය සිදුකිරීම නිසා මේ වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වර්තමාන මිල පෙර මිලට වඩා ඉහලයාම සිදුවුණා. ඒ අතරින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලත් මේ ආකාරයේ සංශෝධනය වීමක් සිදුවුණා.

2024 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 KG ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685 කින් ඉහළ දැමීම සිදු කල අතර ඒ අනුව 12Kg සිලින්ඩරයක වර්තමාන මිල රු.4250 ක් ලෙස සංශෝධනය වන විට 5Kg ගෑස් සිලින්ඩරය මිල රු. 276කින් වැඩි වන අතර එහි වර්තමාන මිල රුපියල් 1707 ලෙස සඳහන්.

ඒ වගේම 2.3kg කුඩාම ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 157 කින් ඉහළ දමන අතර එහි වර්තමාන මිල රුපියල් 795 ක් ලෙස සඳහන්.

වෙළඳපොළ තුළ පවතින අනෙකුත් ගෑස් බෙදාහැරීමේ ආයතනය 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4705.00ක් ලෙස ඉහළ දමද්දී 5Kg එක මිල රු 1885.00ලෙස ඉහළ ගිය අතර, 2Kg ගෑස් සිලින්ඩරයක වර්තමාන මිල රු.755.00 ලෙස නියම කිරීමට තීරණය කළා.

නමුත් වෙළඳපල තුළ පවතින අනිකුත් ගෑස් සැපයුම් සමාගමට වඩා රුපියල් හාරසීයක් පන්සීයක් අතර ප්‍රමාණයේ සහනදායි මිල අවස්ථාවක් ලිට්රෝ සමාගම සිය පාරිභෝගිකයට ලබා දී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව 99%ක්ම මේ මිල ඉහල යාම සිදුවුණේ රජය පැනවූ වැට් බදු නිසා බව ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මැතිතුමා සඳහන් කළා. වර්තමානයේ ගෑස් මිල ගියවර මිල සමග සංසන්දනය කරන විට සාමාන්‍යයෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් දහයත් පහළොවත් අතර මිලකින් ඉහළ යාමක් සිදු වුණා.

කෙසේ නමුත් රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ක්‍රියාත්මක වූ මේ වැට් බදු ඉහළ දැමීම නිසා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක

මිල ඉහළ යාමක් සිදුවුණත් ඉදිරියේදී මිල පහත හෙළීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගැනීමට ලිට්රෝ සමාගම සූදානම් බව ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා සඳහන් කළා.



Advertisement

Popular Posts

Gossip

Stats