Facebook Official Fanpage Official Twitter Account Rss Feed

Advertistment

Advertisements

Powered by Blogger.

Featured Post

ගජමුතු අලෙවි කිරීමට ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

තංගල්ල පාලම අසලදී ගජමුතු තුනක් අලෙවි කිරීමට ගිය සැකකරු පුද්ගලයෙකු තංගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරු...

Popular Posts

දැඩි බදු බර යටතේ සාමාන්‍ය ජීවිතය ගත කරන බහුතරයක් දෙනා අද වෙද්දිත් මූල්‍ය අර්බුද රැසකට මුහුණ දෙමින් ජීවිතය ගත කරනවා කියන දේ අමුතු කතාවක් නෙවෙයි.ඒ වගේම ජනතාවට අත්‍යවශ්‍යම පාරිභෝජන භාණ්ඩයක් ලෙස එල්.පී.ගෑස් මිල වෙනස් වීම් සම්බන්ධයෙනුත්  නොයෙකුත් අවස්ථාවන්වලදී සමාජය තුළ විවිධ කතිකාවන් ගොඩනැගුණා.

ලංකාවේ ප්‍රමුඛතම එල්පී ගෑස් සැපයීමේ මූලිකත්වය දරන ලිට්රෝ සමාගම  දැඩි ආර්ථික අවපාතය හමුවේ විටින් විට ජනතාවට විවිධ සහන ලබාදීම සිදුකළා.ඒ සහනදායී අවස්ථාවන් යටතේ දෛනික ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගත් බහුතරයක් දෙනාට මේ මාසෙත්  ලිට්රෝ සමාගමෙන් සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා.

මේ කාල සීමාව ජාත්‍යන්තර වෙළඳපළේ ගෑස් මිල ඉහල ගිහින් පවතින කාලසීමාවක්.නමුත් එවැනි දුෂ්කර කාල පරිච්ඡේදයක උනත් ආයතනයක් වශයෙන් තමන්ට දරන්නට සිදුවන පාඩුව විඳ දරාගෙන පෙබරවාරි මස තුළදී කිසිදු ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කිරීමක් සිදු නොකිරීමට සමාගම තීරණය කර ඇති බවට ලිට්රෝ  සභාපතිතුමා නිල වශයෙන් ප්‍රකාශ කළා.

මේ ආකාරයෙන් හෝ යම්කිසි සහනයක් ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳව ලිටරෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා හදවතින්ම සතුටු වන බවටත් අවසානයේ ප්‍රකාශ කළා.












Advertisement

Popular Posts

Gossip

Stats