Facebook Official Fanpage Official Twitter Account Rss Feed

Advertistment

Advertisements

Powered by Blogger.

Featured Post

ආර්ථික අවපාතය යටතේ ජනතාවට සහන සැලසීමට ලිට්රෝ සමාගම ගත් හොඳම තීරණය

  ලංකාවේ බොහොමයක් ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ ලිට්රෝ  ගෑස් සමාගම කියන්න බහුතරයක් දෙනා දන්නවා. ආයතනයක් වශයෙන් ලිට්රෝ ගෑස් සමාගම ...

Popular Posts

 



අපේ රටේ අලුතින් ආරම්භ වන සහ මධ්‍යම ප්‍රමාණයෙන් පවත්වාගෙන යන ව්‍යාපාර බොහෝ සංඛ්‍යාවක් තිබෙනවා. මේ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර බවට පත් කරගන්නට නම් අඩු වියදම් සහ වැඩි ආදායම් සහිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. අලුතෙන් පටන් ගත් ව්‍යාපාරයක් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරන ගමනේදී එම ව්‍යාපාරයේ වියදම් හැකි පමණින් අඩු කර ගැනීමට ව්‍යාපාරිකයන් උනන්දු වෙනවා. මෙවැනි අවස්ථා වලදී බොහොමයක් ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර වල ඉන්ධන අවශ්‍යතා සදහා එල් පී ගෑස් භාවිතා කිරීම සිදු කරනවා.මේ ආකාරයට තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සදහා එල් පී ගෑස් භාවිතා කිරීමේ වාසිය කුමක්ද? අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි.

 
01. භාවිතයේ පහසුව.
 
වෙනත් විකල්ප ඉන්ධන භාවිතා කිරීමේදී ව්‍යාපාර භාවිතා කරන පුද්ගලයන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදු වෙනවා. එයින් ප්‍රධානතම ගැලළුව වන්නේ දර වැනි ඉන්ධනයක් භාවිතා කිරීමේදී දුම නිසා සහ භාවිතයේදී සිදුවන අපහසුතාවයයි. භූමිතෙල් වැනි ඉන්ධන භාවිතයේදී ඇතිවන දුර්ගන්ධය නිසා පාරිභෝගිකයන් තුල අප්‍රසන්න හැගීමක් ඇති වන්නට පුලුවන්. නමුත් ගෑස් භාවිතා කිරිමේදී වඩාත් පහසුවෙන් අදාල කාර්‍යයන් ඉතා කුඩා ඉඩක් තුල ඉටු කරගන්නට ව්‍යාපාරිකයන්ට හැකියාව තිබෙනවා.

02. සපයා ගැනීමේ පහසුව.
 
දර, දහයියා, භූමිතෙල් වැනි ඉන්ධන භාවිතා කිරීමේදී බොහෝ වෙලාවට ව්‍යාපාරිකයන්ට කාලගුණ තත්වය පිලිබදව සැලකිලිමත් වෙන්නට සිදු වෙනවා. වැසි සහිත කාලගුණ තත්වයන් වලදී දර සහ දහයියා වැනි ඉන්ධන භාවිතා කිරිම වඩාත් අපහසු වෙන්නට පුළුවන්. නමුත් ඔනෑම කාලගුණ තත්වයක් යටතේ භාවිතා කල හැකි ගෑස් දිවයින පුරා පිහිටා තිබෙන ලගම අලෙවි නියෝජිතයාගෙන් ලබා ගන්නට ව්‍යාපාරිකයන්ට හැකියාව තිබෙනවා
.
03. මිල සංශෝධන.
 
අපේ රටේ ගෑස් සැපයීමේ ප්‍රමුඛ ආයතනය වෙන ලිට්රෝ ගෑස් ආයතනය ශ්‍රී ලංකාවේ ගෑස් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන ආයතනයයි. ඔවුන් විසින් ශ්‍රී ලංකා රජය සමග එක්ව නිර්මාණය කර තිබෙන මිල සූත්‍රය නිසා ලෝකයේ ගෑස් මිල අඩු වැඩි වන අවස්ථා වලදී එම සහනය පාරිභෝගික ජනතාවට ලබා දීමට ඔවුන් කටයුතු කරනවා. මේ නිසා ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය ගෑස් පහසු මිලට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
 
ඉහතදී සදහන් කල කරුණු වගේම පරිසර දූෂණයෙන් තොරව තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමටත්, වඩාත් පහසුවෙන් සහ මුදල් ඉතිරි කරගනිමින් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමටත් වඩාත් සුදුසු ඉන්ධන වර්ගය වන්නේ එල් පී ගෑස් භාවිතා කිරිමයි.
 
ඒ මතක් කිරීමත් සමගින් අද ලිපියෙන් අපි සමු ගන්නවා. ඔබ සියළු දෙනාටම සුබ දවසක්!











Advertisement

Popular Posts

Gossip

Stats