Facebook Official Fanpage Official Twitter Account Rss Feed

Advertistment

Advertisements

Powered by Blogger.

Featured Post

ආර්ථික අවපාතය යටතේ ජනතාවට සහන සැලසීමට ලිට්රෝ සමාගම ගත් හොඳම තීරණය

  ලංකාවේ බොහොමයක් ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ ලිට්රෝ  ගෑස් සමාගම කියන්න බහුතරයක් දෙනා දන්නවා. ආයතනයක් වශයෙන් ලිට්රෝ ගෑස් සමාගම ...

Popular Posts

ජනප්‍රිය නළුවෙකු වන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න අද(06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කර  සිටියේය.ඔහු තම ප්‍රකාශය තුළින් කියා සිටියේ 2020 වසරේදී තමන් මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණයේ මේ රටේ System Change එකක් සඳහා බවයි.

නමුත් අද වන තුරුම ඒ System Change සමාජය තුළ හෝ පාර්ලිමේන්තුව තුළ සිදුව නොමැති වුවත් තමන් තුළ සමාජයමය වෙනසක් කිරීමේ අරමුණ තවමත් පවතින බවත් ඒ නිසාවෙන් තමන් ඒ සදහා නායකත්වය ගන්නා බවත් ඔහු කීය.

උද්දික ප්‍රේමරත්න පසුගිය මහ මැතිවරණයේදී විමල් වීරවංශගේ නායකත්වයෙන් සැදි ජාතික නිදහස් පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත්වු නමුත් පසුව එම කණ්ඩායම සමග එකට කටයුතු කරේ නැත.

රට වෙනසක් කරා ගෙන යන ගමන තමන් අද සිට තනිවම ආරම්භ කරන බවත් කිසිදු පටු දේශපාලනික උවමනාවලින් තොරවු සැබෑ යහපත් පුරවැසියන්ට තමා සමග එක් වන්නැයි ආරධනා කරන බවත් කීය.

තමන් ඒ සඳහා නායකත්වය ගන්නා බවත් ඊට මුල්ම පියවර ලෙස තමන් අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බව  උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කීය










Advertisement

Popular Posts

Gossip

Stats