Facebook Official Fanpage Official Twitter Account Rss Feed

Advertistment

Advertisements

Powered by Blogger.

Featured Post

ගජමුතු අලෙවි කිරීමට ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

තංගල්ල පාලම අසලදී ගජමුතු තුනක් අලෙවි කිරීමට ගිය සැකකරු පුද්ගලයෙකු තංගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරු...

Popular Posts

කොරියා අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය හෙවත් KOICA යටතේ මෙරට කෘෂිකර්ම අංශයේ නිලධාරීන් හා විද්‍යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබා දීමේ වැඩ පිළිවෙළ යළි අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට දකුණු කොරියා තානාපතිනියගෙන් ඉල්ලිමක් කළේය.

මෙරට දකුණු කොරියානු තානාපති H.E. Miyon Lee මහත්මිය  පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී  කෘෂිකර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධව කළ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.

එම ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර පළ කළ තානාපතිවරිය කොරියා රජයට එම ඉල්ලීම යොමු කරන බව සඳහන් කළාය.

 වී අස්වනු ඉහල නැංවීම,  රසායනික පොහොර හා කාබනික පොහොර භාවිතය, ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් උසස් බීජ නිෂ්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය යොදා ගැනීම හා  දකුණු කොරියාව හා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ නිලධාරීන් සඳහා පුහුණු කිරීම වැනි කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළේය.

 කොරියා අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය යටතේ මින් වසර කිහිපයකට පෙර  උසස් කෘෂිකාර්මික පුහුණුවක් ලාංකික නිලධාරීන් හා විද්‍යාඥයින්ට ලබා දුන් බවත් දැනට එම වැඩසටහන අත්හිටුවා ඇති බවත් අමාත්‍යවරයා කීය.

මෙහිදී පොහොර භාවිතය සම්බන්ධව අදහස් පළ කළ තානාපතිවරිය දකුණු කොරියාව කෘෂිකර්මාන්තයෙන් උසස් අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර සහ කාබනික පොහොර යන දෙවර්ගයම භාවිතා කරන බවත්, දකුණු කොරියා ගොවීන් ඒ සඳහා මනාව පුහුණු කර ඇති බවත් සඳහන් කළාය. 

 (අංජුල මහික වීරරත්න)












Advertisement

Gossip

Stats